කොවිඩ් රෝගීන්ව බිළි ගන්නා ‘ කළු දිලීර රෝගය ගැන’ ලංකාවෙන් අනාවරණයක්

කොවිඩ් රෝගීන්ව බිළි ගන්නා ‘ කළු දිලීර රෝගය ගැන’ ලංකාවෙන් අනාවරණයක්

මියුකොමයිකොසිස් නමින් හැඳින්වෙන ඉන්දියාවේ කොවිඩ් -19 ආසාදිතයන් අතර පැතිර යන කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බව වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය සඳහන් කරනවා.

2019 වසරේදී කළු දිලීර රෝගීන් 42ක් ද 2020 වසරේ දී 24 දෙනෙක් ද 2021 වසරේ මේ දක්වා 24 දෙනෙකු ද වාර්තා වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ කිසිම රෝගියෙකුට කොවිඩ් -19 ආසාදනය වී නොමැති බවත් මෙතෙක් මෙරට කොවිඩ් -19 රෝගීන්ට මියුකොමයිකොසිස් ආසාදනය වී ඇති බවක් වාර්තා වී නොමැති බවත් වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළා.

Share This